ජාතික තෛපොංගල් දින උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගර සභා කී‍්‍රඩාංගණයේදී අද (15) පැවැත්වුණා.
හින්දු චාරිත්‍රානුකූලව පොංගල් බතක්ද මෙහිදී පිළියෙළ කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. අනතුරුව හින්දු ආගමික වතාවත් සිදු කෙරුණා.
සංස්කෘතික අංග කිහිපයකින්ද මෙම උත්සවය විචිත්‍ර වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.
පාසල් දරු දැරියන් පිරිසකට අධ්‍යාපන උපකරණ බෙදාදීමද මෙහිදී සිදු කෙරුණා.