කොළඹ ආනන්ද විද්‍යාලයේ හරිත පාසල් වැඩසටහන යටතේ ඉදිවූ ජීවවායු, කාබනික පොහොර, හරිත වගා හා සූර්ය බලශක්ති ව්‍යාපෘතිය අද (27) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත වුණා.
හරිත උදාන වැඩසටහන සඳහා දායකවූවන්ට සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, මාලදිවයින්, ජර්මානු තානාපති ඉයෝන් රෝඩ් යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. කීර්තිරත්න ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.