දක්ෂිණ අධිවේගි මාර්ගයේ 34/2 කිලෝමීටර් කණුව අසලදී අද (30) පස්වරුවේ කාර් රථ දෙකක් හා ලොරි රථයක් අනතුරට ලක් වුණා.
ඉදිරියෙන් ගමන් කරමින් තිබු කලු පැහැති කාර් රථයේ රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකි වී පිටුපසින් පැමිනි ලොරි රථයේ ගැටී තිබෙනවා.
එහිදී ලොරි රථයට පිටු පසින් පැමිණි සුදු පැහැති කාර් රථය ලොරි රථයේ ගැටී අනතුරට ලක් වුණා.
අනතුරෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබෙනවා.