Saturday, December 28, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා ඝාතනය කළේ ලොව භායනකම විෂකින්




උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සහෝදරයා වන කිම් ජොන් නම් ඝාතනය කිරීම සඳහා ලෝකයේ දරුණුතම විෂ රසායනිකයක් භාවිත කර ඇතැයි අනාවරණ කරගෙන තිඛෙනවා. 

ඔහුට මෙම විෂ ප්‍රහාරය එල්ල වූයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළේදීයි. 

එරට පොලිසිය සඳහන් කළේ ජන සංහාරක අවියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කර ඇති වී. එක්ස් නම් විෂ රසායනිකය මෙම ඝාතනයට යොදාගෙන ඇති බවයි. 

මෙම රසායනිකයේ ග්‍රෑමයකින් සීයෙන් එකක් වැනි සුළු ප්‍රමාණයකින් පුද්ගලයෙකු ඝාතනය කළ හැකි බවයි පැවසෙන්නේ. 

ගුවන් තොටුපොළේදී ඔහුට මෙම ප්‍රහාරය එල්ල කරන්නේ කාන්තාවන් දෙදෙනෙකු විසින්. 

පසුව ඉන් එක් කාන්තාවක් වමනය දමා ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.