යාපනය විශ්වවිද්‍යාලයේ ඉකුත් දා ඇති වූ ගැටුම රටේ සැබෑ සංහිඳියාවට බාධාවක් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සිසුන් අතර ඇති වූ එම ගැටුම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.
මෙවැනිි සිදුවීම් යළි ඇතිවීම වළක්වා ගන්නා ලෙස සියලුම ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බවද දෙමළ සන්ධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.