යුද සමයේ දී අතුරුදන් වූ සිය ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලමින් වව්නියාවේ පිරිසක් අදත් (23) උද්ඝෝෂණයේ යෙදී සිටිනවා.
මීට පෙර ඔවුන් මාරාන්තික උපවාසයක් ද සිදු කළ අතර එය අවසන් කෙරුණේ අතුරුදන්වූවන් පිළිබඳ සති දෙකක් ඇතුළත කිසියම් පිළිතුරක් ලබාදෙන බවට ආණ්ඩුව දුන් පොරොන්දුවත් සමගයි.
එහෙත් එම පොරොන්දුව ලබාදී මේ වනවිට මාස දෙකකටත් වැඩි කාලයක් ගත වී ඇතත් තමන්ට පිළිතුරක් නොලැබුණු බව උද්ඝෝෂකයින් පැවසුවා.