පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන අගෝස්තු මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
දිවි නැගුම මූල්‍ය ගණුදෙනුවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මීට පෙරද බැසිල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.