Tuesday, January 14, 2025

General line - 0115112241

පාකිස්ථානය හමුවේ ජාතික පිළ පරදිද්දී 'පාකිස්ථාන සටනට ඇරයුම් ලැබූ  දසුන් සමග පිරිස'  කොදෙව්වන් වැනසූ හැටි 




බටහිර ඉන්දීය කොදෙව් එ් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන සිවුදින කි‍්‍රකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශී‍්‍ර ලංකා එ් කණ්ඩායම සමත්ව සිටිනවා.

ඊයේ (20)දිනය නිමා වන විට ශී‍්‍ර ලංකා එ් කණ්ඩායම දෙවන ඉනිම සදහා කඩුලූ 6ක් දැවී ලකුණු 213ක් ලබා සිටියා. 

ශී‍්‍ර ලංකා එ් කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 294ක්. 

කොදෙව් එ් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 137කට සීමා වුණා. 

කොදෙව් පළමු ඉනිම සුනු විසුනු කළ මලින්ද පුෂ්පකුමාර ලකුණු 52කට බිද හෙලූ කඩුලූ සංඛ්‍යාව 6ක්.

ශී‍්‍ර ලංකා දෙවන ඉනිම වෙනුවෙව් දසුන් ශානක ලකුණු 60ක් රැස් කළා. 

ඔහු පළමු ඉනිමේදීද ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. 

දසුන් ශානක ඉදිරියේදී පැවැත්වෙන  පාකිස්ථානය සමග පන්දුවාර 20 සටනට කැඳවනු ඇති බවට වාර්තා පලව තිබෙනවා.

රොෂේන් සිල්වා නොදැවී ලකුණු 85ක් ලබා සිටිනවා.

ජැමෙයිකාවේදී පැවැත්වෙන මෙම තරගයේ 3 වන දිනය අදයි