ඩීසල් ත්‍රීරෝද රථ ආනයන බදු ඉහළ දැමීමට මෙවර අයවැය මගින් යෝජිතයි.
ඒ අනුව රුපියල් 50000/-කින් පමණ ආනයන බදු ඉහළ දමන බවයි මුදල් අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේ.
විදුලි ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ණය පහසුකම් ද සංශෝධනය කර තිබෙනවා.
ත්‍රීරෝද රථයේ වටිනාකමින් 10%ක් මිළදී ගන්නා පුද්ගලයා විසින් ලබාදිය යුතු අතර ඉතිරි 90% ණය සපයන ආයතනය මගින් සැපයෙන පරිදි එය සංශෝධනය කර තිබෙනවා.
මෙම ණය පහසුකම විදුලි මෝටර් රථ සහ විදුලි බස් සඳහා ද ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.