Wednesday, January 15, 2025

General line - 0115112241

දිල්රුවන්ගෙන් නව වාර්තාවක්

ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙන්




ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක දිල්රුවන් පෙරේරා අද (02) නව වාර්තාවක් බිහිකළා.

ඒ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලූ සියයේ සීමාව පසු කළ පළමු පන්දු යවන්නා බවට පත්වෙමින්.

දිල්රුවන් ටෙස්ට් කඩුලූ සියය බිඳහෙළුවේ තරග 25කදීවීම විශේෂත්වයක්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ සුපිරි දඟපන්දු යවන කී‍්‍රඩක මුත්තයි මුරලිදරන්.

ඔහු එම දස්කම් දක්වා තිබුණේ තරග 27 කදීයි. 

දිල්රුවන්ගේ සියවන කඩුල්ල ලෙස අද (02) දැවී ගියේ ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් දවාන්.

කාසියේ වාසිය දිනා තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුළු 2 ක්  දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 116 ක්.

මුරලි විජේ නොදැවී ලකුණු 51 යි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ වෙනස්කම් 3 ක් සමගින්.

ලහිරු තිරිමාන්න, දසුන් ශානක සහ රංගන හේරත් වෙනුවට ලක්‍ෂාන් සදකැන්, රොෂේන් සිල්වා සහ ධනංජය ද සිල්වා කණ්ඩායමට කැදවා තිබෙනවා. රොෂේන් සිල්වාගේ මංගල ටෙස්ට් තරගය මෙයයි.

ඉන්දීය කණ්ඩායමටද උමේෂ් යාදෙව් සහ කේ එල් රාහුල් වෙනුවට මොහොමඞ් සාමි හා ශිකර් දවාන් කණ්ඩායමට කැදවා තිබෙනවා.