Thursday, January 16, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් සමග අවසන් සටනට (UPDATE)

කසුන් කැලුම්




 බංග්ලාදේශය සමග පැවැත්වෙන එක් දින තරගයෙන් ශ්‍රී ලංකාව කිසිදු කඩුළු 10ක විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තා. ඒ පන්දුවාර 11යි   පන්දු 5කදීය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 24ක දී ලකුණු 82කට දැවී ගියා. සුරංග ලක්මාල් ලකුණු 21ට කඩුලූ 03යි. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11යි පන්දු 05ක දී කිසිවෙකු නොදැවී ලකුණු 83ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

උපුල් තරංග නොදැවී ලකුණු 39ක් රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 35ක් රැස් කළා. 

-----------------------------

බංග්ලාදේශයට නොසිතූ ඉරණමක්

25-01-2018 13:40

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැ වැත්වෙන තරගයේදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 24කදී ලකුණු 82කට සියලුම ක්‍රීඩකයින් දැවී ගියා.

----------------------------------------------------------

සැළසුමේ විදිහටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙහෙයුමේ - බංග්ලාදේශයට නොසිතූ ආරම්භයක්

25-01-2018 12:25

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වන විට ආරම්භ වී ඇති තීරණාත්මක තරගයේදී බංග්ලාදේශ ආරම්භය නොසිතු ත්ත්වයකට ඇද දමන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව මේ වන විට බංග්ලාදේශය පන්දුවාර 10ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 34 ක් ලබා සිටිනවා.

තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට නම් බංග්ලාදේශ ලකුණු අතර සිටින පිතිකරුවන් ඉක්මනික් මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් කටයුතු කළ යුතු වනවා. 

 

----------------------------------

තීරණාත්මක සටනේ කාසියේ වාසිය බංග්ලාදේශයට (UPDATE)

(25-01-2018 11:14)

 

තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.
 

-------------------------------

ශ්‍රී ලංකා පිළ අද තීරණාත්මක සටනේ - අවසන් සටනට පිවිසෙන්න මාර්ග දෙකක්

(25-01-2018 05:37)

 

තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද (25) පැවැත්වෙනවා.

එ් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මිරිපූර් හි ශී‍්‍ර බංග්ලා කී‍්‍රඩාංගණයේදීයි.

මූලික වටයේ තරග 3ක් ජයගත් බංග්ලාදේශ කණ්ඩායම මේ වන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා අවසන්.

ශී‍්‍ර ලංකාව ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර සිම්බාබ්වේ කණ්ඩායම 3 වන ස්ථානයේ පසුවනවා.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් දෙකම එක් ජයග‍්‍රහණය බැගින් ලබා තිබීම හේතුවෙන් අද තරගයේ ප‍්‍රතිඵලය අනුව අවසන් තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තීරණය වනු ඇති.

එ් පිළිබඳව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැහැදැලි කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සහකාර ලේකම් රවීන් වික‍්‍රමරත්න පෙන්වා දෙන්නේ "අද තරගය ජය ගත්තොත් ප්‍රශ්නයක් නෑ..හැබැයි පරදුනොත් පරදින්නට වෙන්නේ ලකුණු 240කට වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කරගනිමින්. එහෙම වුණොත් ලංකාවට යළිත් අවස්ථාවක් ලැබෙනවා.. අවසන් සටනට යන්න." යනුවෙනි.

අද තරගය ජය ගැනීමට නම් ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් ලකුණු අතර සිටින බංග්ලාදේශ පිතිකරුවන් දවා ගත යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.