පළාත් පාලන ආයතන සවිබල ගැන්වීමට සහ පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ලෝක බැංකුව සමග ණය ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි.
උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව යන පළාත්වල පළාත් පාලන ආයතන 134ක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට යෝජනා වී තිබෙනවා. අපේක්ෂිත අරමුදල අමෙරිකානු ඩොලර් මිලියන 70ක්.