Monday, January 13, 2025

General line - 0115112241

පාසල වෙනුවෙන් වොලිබෝල් පිටියක් හදන්න තරුණ තරුණියන්ට අභියෝගයක්




තාරුණ්‍යයේ ශක්තිය ලෝකයට රැගෙන යන  “ගමට කෝටියක්" වැඩසටහනේ 3 වන අදියරෙහි තවත් ව්‍යාපෘතියක් ඊයේ (09) සිසු අයිතියට පත් කෙරුණා. 

ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයේ, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වනාතමුල්ල ග්‍රාමසේවා වසමේ වේළුවන යෞවන සමාජයේ තරුණ තරුණියන් තමන්ගේ ගමේ පාසල වෙනුවෙන් වේළුවන විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනවා.

මේ සඳහා ජාතික තරුණ සේවා සභාවෙන් ඔවුන්ට රුපියල් ලක්ෂ 3 ක මුදලක් ලබාදෙනවා. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු මුදල (හත්ලක්ෂ හැත්තෑ දහසක්) රුපියල් 770,000.00 ක්. 

විවිධ ව්‍යාපෘති, වැඩසටහන් සහ ක්‍රියාකාරකම් හරහා ඉතිරි මුදල උපයා ගනිමින් අදාළ ව්‍යාපෘතිය නිම කිරීම මෙම වැඩසටහනෙන් තරුණ තරුණියන් වෙත පැවරෙන අභියෝගයයි.