රටට නියම ආකාරයෙන් ලැබිය යුතු බදු ආදායම ලැබෙනවා දැයි ගැටළු සහගත බව පොදු සැපයුම් සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (20) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
සාමාන්‍ය ජනතාව බදු ගෙවීම සිදු කළ ද ඇතැම් ධනපතීන් නිසි පරිදි බදු ගෙවීම සිදු නොකරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී සඳහන් කළා.
කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.