උතුරේ හා නැගෙනහිර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්යංශය නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
මෙහි එක් පියවරක් ලෙස දෙපළාතේ සියලුම විහාරස්ථානවලට නියමිත ප්රමිතියෙන් යුත් වතුර ෆිල්ටර් ලබාදීමට නියමිතයි.
ජල මූලාශ්ර ආශි්රතව පිහිටි විහාරස්ථානවල වතුර ටැංකි ඉදිකිරීමට ද පියවර ගැනෙනවා.
මීට සමගාමීව විහාරස්ථානවල පවත්වාගෙන යන දහම් පාසල් සඳහා වැසිකිළි පද්ධති සකස් කරදීමට ද කටයුතු කරන බවයි බුද්ධ ශාසන අමාත්යංශය පවසන්නේ.
සංඝාවාසවල අඩුපාඩු සකස් කරදීමට ද පියවර ගැනෙනු ඇති.