මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් පිරිසකගේ අවසන් කටයුතුවලට අදාළව විශේෂ යාඥා මෙහෙයක් අද (23) පෙරවරුවේ එම දේවස්ථානයේදී සිදු කෙරුණා.
ඒ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන්.
එම අවස්ථාවට ප්රදේශයේ විශාල ජනතාවක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මියගිය එම පිරිසගේ දේහයන් මීගමුව ප්රදේශයේදී එකම ස්ථානයක භූමිදානය කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර එම දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් මියගිය තවත් පිරිසකගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනු ඇති.