ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අතිවිශාල ජනතාවක් අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අභියස ආගමික වතාවත්වල නිරත වී අද (12) ආශිර්වාද ලබා ගනු ලැබුවා.
මේ අවස්ථාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ද එක්වූ බවයි වාර්තා වුයේ.