මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්තී‍්‍රවරුන්ගේ වයස් සංයුතිය සම්බන්ධයෙන් ඊයේ (11) රාති‍්‍රයේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී අනාවරණ කෙරුණා.
ඒ අනුව නව පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 30 ට අඩු මන්ති‍්‍රවරුන් 05 දෙනෙකු සහ අවුරුදු 80 ට වැඩි මන්තී‍්‍රවරුන් තිදෙනෙකු සිටින බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, කාර්යය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල මෙම වැඩසටහනට එක්වෙමින් අනාවරණ කළේ.
තේරීපත්ව ඇති නවක මන්තී‍්‍රවරුන් සහ මෙවර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.
පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ව්‍යවස්ථාදායක සේවා, ටිකිරි කේ. ජයතිලක ද මෙම වැඩසටහන එක්වුණා.
මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්තී‍්‍රවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වීමට ද නියමිත අතර ඊට හේතුවූ කරුණු පිළිබඳව ද ඔහු මෙලෙස පැහැදිළි කළා.
(මෙම අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)