Monday, January 6, 2025

General line - 0115112241

අනධ්‍යයන සේවකයින්ට හෙට එන්නැයි දන්වයි (UPDATE)




තමන් ආරම්භ කර ඇති වෘත්තීය කි‍්‍රයාමාර්ගය හෙට (08) දිනයේදී අවසන් කිරීමට බොහෝ දුරට ඉඩ ලැබෙනු ඇතැයි විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ සඳහන් කළේ තම ගැටළුවලට බලධාරින් මෙතෙක් ලිඛිත විසඳුමක් ලබාදී නොමැති බවයි. එහෙත් හෙට දිනයේදි එය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ සම සභාපතිවරයා සඳහන් කළා. හෙට දිනයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමගද සාකච්ඡාවක් පැවැත්වෙන බවද පැවසුවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු සහ අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදීද එකඟතාවලට එළඹියත් ලිඛිත එකඟතාවලට එළඹීමට නොහැකි වූ බවයි පැවසුවේ.

කෙසේවෙතත් හෙට දිනයේදී විශ්වවිද්‍යාල භූමියට පැමිණෙන ලෙස සියලු අනධ්‍යයන සේවකයන්ට දැනුම් දෙන බවද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළා. ඒ අනුව හෙට දිනයේ සියලු සේවකයන් එකී ස්ථාන කරා පැමිණෙන බවත් එකඟතාවන් ඇති වූ සැනින් ඔවුන් යළි සේවයට වාර්තා කිරීම සිදුවෙනු ඇති බවත් පැවසුවා.


ගැටලු පිළිබඳ අදත් සාකච්ඡාවක්

(Aug 7, 2016 @ 06:32)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය ගැටලුව සම්බන්ධයෙන් අද (07) දිනයේදී තවත් සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ, විශ්වවිද්‍යාල අධ්‍යාපන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු සහ අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් අතරයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීද රාජ්‍ය අමාත්‍යවරයා සමග තම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාවේදී ගැටලුවලට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ සඳහන් කළා.