Wednesday, January 15, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පකිස්ථාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇරඹෙයි




ශ්‍රී ලංකාව සහ සංචාරක පකිස්ථානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට  ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. 

ඵ් අනුව පලමු දිනයේ  දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පලමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලකුණු 96 ක් ලබා ගෙන සිටිනවා. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 50 කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 03 ක් පමණයි. ලකුණු 28 ක් ලබා ගනිමින් නායක දිමුත් කරුනාරත්න  නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා. 

මෙරට බිහිවූ  විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකුද වන ඇන්ජලෝ මැතිව්ස් අද සහභාගි වන්නේ ඔහුගේ සියවැනි ටෙස්ට් තරගයටයි. 2009 වසරේ ජූලි මස 4 වන දා  පාකිස්ථානයට එරෙහිව  ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් වරම් හිමිකර ගත්තා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. 

මේ අතර වමතින් දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක  දුනිත් වෙල්ලාලගේට අද ටෙස්ට් වරම් හිමිවුණා.