Friday, April 26, 2024

General line - 0115112241

සෞදියේ රැකියා අහිමි වූ අය වෙනුවෙන් ඩොලර් 5600ක්




සෞදි අරාබියේ ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූ ශ‍්‍රී ලාංකිකයින් වෙනුවෙන් වියදම් සඳහා දෛනිකව ඩොලර් 5600ක් වෙන්කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ නීතිඥ උපුල් දේශප‍්‍රිය කියා සිටියේ සෞදි අරාබියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙම මුදල් වෙන්කෙරෙන බවයි.

මේ වන විට සෞදි අරාබියේ සේවය කළ ශ‍්‍රී ලාංකිකයින් 112 දෙනෙකුගේ රැකියා අහිමි වී තිබෙනවා. ඔවුන්ට නවාතැන්, ආහාරපාන සහ අනෙකුත් අවශ්‍යතා සැපයෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහායි.

මෙම පිරිසෙන් කිහිපදෙනෙකුට නැවත රැකියා ලැබෙනු ඇති බවටද විශ්වාසය පළ වනවා. අනෙක් අය වෙනුවෙන් ඔවුන් රැකියා කළ ආයතනවලට එරෙහිව නඩු පවරා තිබෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ඒ නිසා ඔවුන් දැන්ම ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගත නොහැකි බවද නීතිඥ උපුල් දේශප‍්‍රිය කියා සිටියා.