Monday, May 6, 2024

General line - 0115112241

කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට ජල කප්පාදුවක්




කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පස්වරු 05 සිට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ කොළඹ 05, කොළඹ 06, දෙහිවල - ගල්කිස්ස සහ මොරටුව මහ නගර සභා බලප්‍රදේශ, ජයන්තිපුර හා පැලවත්ත ප්‍රදේශවල එලෙස ලබන ඉරිදා පෙරවරු 07 දක්වා ජලය සැපයීම අත්හිටුවන බවයි. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවල එලෙස ජල සැපයුම අත්හිටුවනවා.