Friday, April 26, 2024

General line - 0115112241

ලොව කර්යබහුලම බහලුම් පර්යන්තයකින් අගමැති උපදෙස් ගෙනෙයි




සම්මුතිවාදී ආණ්ඩුව යටතේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික අභිලාෂ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබාදෙන බවට චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ෂෙන්ජන් නගර සභා කමිටු ලේකම් මා ෂිංරුයි සහතික වනවා.

ඔහු මෙම සහතිකය ලබා දුන්නේ චීනයේ සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ (15) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි. ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ෂෙන්ජන් ප‍්‍රදේශයේ ආයෝජකයින් දිරිමත් කරන බවද මා ෂිංරුයි මෙහිදී ප‍්‍රකාශ කළා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ශ‍්‍රී ලංකා දූත පිරිස ඊයේ පස්වරුවේ ෂෙන්ජන් චයිනා මර්චන්ට් සමාගම යටතේ පාලනය වන ෂෙකෝයු බහාලුම් පර්යන්තය ද නිරීක්ෂණය කළ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. මෙය ලෝකයේ කාර්යබහුලම බහාලුම් පර්යන්තයක් ලෙස ද සැලකෙනවා.

ශ‍්‍රී ලංකාවේ වරාය හා බහාලුම් පර්යන්ත මෙහෙයුම් කටයුතු සඳහාත් නිදහස් වෙළෙඳ කලාප සැලසුම් කිරීම සඳහාත් ෂෙන්ජන් චයිනා මර්චන්ට් සමාගමේ විශේෂඥ දැනුම ලබාගැනීමට මෙහිදී සාකච්ඡා වූ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස චීනයේ ෂෙන්ඡන් නුවර හිල්ටන් හෝටලයේ දී, චයිනා මර්චන්ට් සමාගම විසින් සංවිධානය කර තිබූ ව්‍යවසායකයන්ගේ සමුළුවට සහභාගි වුණා.

pm 01 B37A8457 B37A8484 B37A8494 GLA_0529B37A8861 B37A8874 B37A8883 B37A8895 B37A8919