Friday, April 26, 2024

General line - 0115112241

රණවිරුවන්ගේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්




ති‍්‍රවිධ හමුදාවේ ඉහළ සිට පහළට සියලු සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ අභිමානය වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සේනාධිනායකයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද තමන් එම වගකීම සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක අඩු තක්සේරුවකින් කටයුතු නොකරන බවයි.

පනාගොඩ යුද හමුදා ගෘහස්ත කි‍්‍රඩාංගණයේ ඊයේ (22) පැවති 9 වන ආරක්ෂක සේවා කී‍්‍රඩා තරගාවලියේ සමාප්ති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

හමුදාවේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කරමින් ඔවුන් ලෝකයේ පිළිගත් සහ විශිෂ්ඨ ති‍්‍රවිධ හමුදාවක් බවට පත් කිරීමට රජය කැපවී සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

රණවිරු දඩයමක් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මේ වන විට විවිධ අදහස් පළ වනවා. කෙසේ වෙතත් තමන් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

පටු දේශපාලන අරමුණුවලට වඩා මාතෘ භූමියේ අභිමානය වෙනුවෙන් කටයුතු කරන ලෙස තමන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.