Friday, April 26, 2024

General line - 0115112241

පක්ෂ සම්මේලනය ගැන ඒකාබද්ධ විපක්ෂයේ තීරණය කල් යයි




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම දින කිහිපයකින් ප‍්‍රමාද කිරීමට එ්කාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

ඒකාබද්ධ විපක්ෂයේ බලමණ්ඩල සාමාජිකයන් කැඳවා මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගැනීමටයි මෙහිදි තීරණය වී තිබෙන්නේ.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කිරීමටද මෙහිදී තීරණය කෙරුණු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමනායක සඳහන් කළා.