Tuesday, March 25, 2025

General line - 0115112241

IPL පිටියේ නුවන් තුෂාර වැඩ පෙන්වයි



ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරඟය ලකුණු 18කින් ජය ගැනීමට ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 214ක් රැස් කළා.

විශිෂ්ට පිති හරඹයක නිරත වූ නිකලස් පුරන් පන්දු 29කදී ලකුණු 75ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 08ක් සහ හතරේ පහර 05ක් ඇතුළත්.

නායක කේ එල් රාහුල් ලකුණු 55යි.

පන්දු යැවීමේදී නුවන් තුෂාර සහ පියුෂ් චව්ලා ප්‍රතිවාදී කඩුලු 03 බැගින් දවා ගත්තා. 

ජයග්‍රාහී 215ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 196ක් පමණයි.

රෝහිත් ෂර්මා ලකුණු 68යි. පන්දු යැවීමේදී නවීන් උල් හක් සහ රවී බිෂ්නෝයි කඩුලු 02 බැගින් දවා ගනු ලැබුවා.