Tuesday, March 25, 2025

General line - 0115112241

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට ලක්ව ඇති බව හෙළිවෙයි



ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක්ව ඇති ස්ථානය ජීවිත ආරක්ෂක කණ්ඩායම විසින් සොයාගෙන ඇති බව ඉරාන බලධාරින් පවසනවා.

කෙසේවෙතත් ඉරාන ජනාධිපතිවරයා ජීවතුන් අතර සිටිනවාද නැද්ද යන්න ඉරාන බලධාරින් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

ඉරාන රතු අඩ සඳ සමාජයේ ප්‍රධානියා පවසා ඇත්තේ තත්ත්වය යහපත් නොවන බවයි.

මේ අතර අදාළ හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වූ ස්ථායෙන් දිවි බේරාගත් කිසිවෙකුත් හමුවී නොමැති බව ඉරාන ප්‍රවෘත්ති සේවයක් වාර්තා කර ඇති බව සී එන් එන් පුවත් සේවාව වාර්තා කළා.