විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් ලබාදුන් දිනවලින් ජූනි 06 දිනය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් භාරගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම විවාදය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නියෝජිතයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවයි.
අදාළ විවාදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට ද වෛද්‍ය නලින්ද ජයතිස්ස එහිදී පිළිතුරු ලබාදුන්නා.