Wednesday, March 26, 2025

General line - 0115112241

මදුරන්කුලියෙන් අතුරුදන් වූ සිසුවා පැවිදි වී සිටියදී කතරගමින් සොයා ගැනේ

එම් කේ නන්දසේන



මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසින් අතුරුදන්ව සිටි බවට පැවසෙන සිසුවෙකු කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයකදී හමුවී තිබෙනවා.

ඒ වන විටත් එම සිසුවා අදාළ විහාරස්ථානයේ සසුන්ගත වී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පාවසුවේ.

අදාළ සිසුවා කොළඹ ප්‍රදේශයේදී හිමි නමකට හමුවී ඇති අතර තමාට කිසිවෙකු නැති බව ප්‍රකාශ කිරීමෙන් එම අනතුරුව කතරගම ට රැගෙන විත් කතරගම අක්කර 20, ඩෝසර්වැව ප්‍රදේශයේ පිහිටි ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයේ දී මහණකර ඇති බව කතරගම පොලීසිය ද පැවසුවා.

මෙලෙස සසුන්ගතව ඇත්තේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්. ඔහු නිවසින් පලා ගොස් ඇත්තේ සිය මිත්තණිය සමග ඇති කර ගත් අමනාපයක් හේතුවෙන් බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.