Sunday, February 23, 2025

General line - 0115112241

හැටන් විහාරස්ථානයක පළතුරු සහ එළවළු පැළ දන්සැලක්

රංජිත් රාජපක්ෂ



වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් හැටන් ප්‍රදේශයේ විහාරස්ථානයක අපූරු දන්සැලක් පවත්වා තිබෙනවා. ඒ, හැටන්, දික්ඔය නගර සභාව ඉදිරිපිටදීයි.

මෙම දන්සැල සංවිධානය කර ඇත්තේ හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යන සුමන පෙරපාසල් දරුවන්ගේ දෙමාපියන් සහ ආචාර්ය මණ්ඩලයයි.

එහිදී එම පෙර පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් විසින් අද දිනයේ පළතුරු සහ එළවළු පැළ දන්සැලක් පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

පෙරපාසලේ දරුවන්ගේ දෙමව්පියන් සහ අචාර්ය මණ්ඩලයේ මූල්‍ය අනුග්‍රහය මත මෙම දන්සැල පවත්වා ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.