වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්නෙත් සංවිධාන කළ ආමිස සහ ප්‍රතිපත්ති ජූජා සඳහා ජනතාව අද දිනය පුරා මහත් උනන්දුවෙන් එක්ව සිටියා.
එහි විශේෂත්වය වන්නේ ඇද හැළුණු වැසි නොතකා ජනතාව වෙසක් සිරි නැරඹීමට ඒකරාශී වීමයි.
අනුරාධපුරය පූජා නගරයද අද සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු එම් පී ජී පෙරේරා පැවසුවේ.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ද අද දවස පුරා විශාල පිරිසක් පැමිණියා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පැවසුවේ මහනුවර දළදා මාලිගාවට මෙවර ලක්ෂ 4කට ආසන්න බැතිමතුන් ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි.
වෙසක් සිරියෙන් මහනුවර නගරය බැබළෙමින් ඇති අතර පැමිණෙන සැදැහැවතුන්ට ලබා දෙන පහසුකම් පිළිබඳව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් පැවසුවේ මෙවන් අදහසක්.
කතරගම පුද බිමද සැදැහැවතුන්ගෙන් අද පිරී ඉතිරී ගොස් තිබුණා. මෙම වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු එම් කේ නන්දසේන.
මේ, දකුණේ වෙසක් සිරි පිළිබඳ වාර්තාව නෙත් නිවුස් මාතර වාර්තාකරු ටී කේ මහින්දගෙන්.
වරින්වර විදුලිය බිඳ වැටුනද බදුල්ලේ ජනතාවද වෙසක් සැමරුම් සඳහා එක්ව සිටියේ මහත් උනන්දුවෙන්. මේ වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශගෙන්.
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙසක් කලාප 420ක් තොරණ 321ක් සහ දන්සැල් 4,726ක් සංවිධානය කර ඇති බවයි පැවසෙන්නේ.
කොළඹ නගරය කේන්‍ද්‍රකර ගනිමින් අද සිට ලබන 26 වනදා දක්වා පස්වරු හයයි තිහේ සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.
කොළඹ නගරය තුළ වෙසක් කලාප 5ක් පැවැත්වෙන අතර ඉදි කර ඇති තොරණ ගණන 08ක්.