නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපය වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේදී දෙවන දිනටත් තවත් නොබෝ වේලාවකින් විවෘත වනවා.
එම වෙසක් කලාපයේ පළමු දිනය වූ ඊයේ දිනයේ ආරම්භ වූ මොහොතේ සිට අද අලුයම දක්වා බොහෝ සැදැහැවතුන් පැමිණ සිටියා.
ලබන 29වනදා දක්වා පැවැත්වෙන නේත්‍රාලෝක වෙසක් කලාපයේ තවත් තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ වනවා වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ මේවන විට රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමඟින්.
මේ අතර නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා ඓතිහාසික කූරගල පුදබිමේදී පැවැත්වෙනවා.
උදෑසන සිටම පැවැත්වෙන එම වැඩසටහන සමඟ සැදැහැවතුන් බොහෝ පිරිසක් එක්ව සිටිනවා.
එමෙන්ම කූරගල පුදබිමේ වෙසක් කලාපය ලබන 29 වනදා දක්වා පැවැත්වෙනවා.
ඒ පිළිබඳ තවත් තොරතුරු කූරගල පුදබිමෙහි රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.
මේ අතර ගාලු බොදු බැති ගී සරණි වැඩසටහන තවත් නොබෝ වේලාවකින් ගාල්ල නගර සභා පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.
වජිර අබේවර්ධන පදනම එම වැඩසටහන සංවිධාන කර තිබෙනවා.
ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සහ දකුණු පළාත් ආයුර්වේද වෛද්‍ය බැති ගී කණ්ඩායමේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙනවා.
ගාලු බොදු බැති ගී සරණි වැඩසටහන සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.
මේ අතර වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සිද්ධාලේප සමූහ ව්‍යාපරය මඟින් ද විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කෙරුණා.
ඒ අතරට සිද්ධාලේප ලක්පේයාව සහ අසමෝදගම් දන්සල් ද අයත් බවයි සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ අලෙවි කලමනාකාරිණී ලසන්ති ජයරත්න පැවසුවේ.
රුහුණු රට මහා සංස්කෘතික මංගල්‍ය වන තිස්සමහාරාම පොසොන් මහා පුණෝත්සවය අද සිට ආරම්භ වනවා.
ඒ අනුව අද සිට ජූනි මස 16 වනදා දක්වා මහා බෝධි පූජා, සුමදුර ධර්ම දේශනා, අටවිසි බුද්ධ පූජා පැවැත්වෙනවා.
තිස්සමහාරාම පොසොන් මහා පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව ඇත්තේ ජුනි මස 21 වනදායි.
මෙවර එම පුණෝත්සවය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.