මසුන් මෑරිම සදහා මුහුදේ යාත්‍රා කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ධිවර යාත්‍රාවක් පෙරළී යාමෙන් ධීවරයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.
ඔහු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සින්නපාඩූව මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ සින්නපාඩූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මුහුදු නොයන ලෙස අවවාද කර තිබියදී ඔවුන් එලෙස මුහුදු ගොස් ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඉදිරියේදීද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව වැඩි අවදානයක් යොමු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක.