Monday, February 24, 2025

General line - 0115112241

පානදුර වෙරළේ ගසාගෙන යමින් සිටි තරුණයන් පස් දෙනෙකු බේරාගැනේ



පානදුර වෙරළ තීරයේ දියනාමින් සිටියදි ගසා ගෙන යමින් සිටි තරුණයන් පස් දෙනෙකු බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්‍ෂක ඒකකයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

එලෙස බේරාගෙන ඇත්තේ බුලත්සිංහල, අයගම සහ අළුබෝමුල්ල ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 ත් 29 ත් අතර වයස්වල පසුවන තරුණයින් පස් දෙනෙකු බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් දියනාමින් සිටියදී දියවැලකට හසු වී තිබෙනවා.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පොලිස් ජීවිතාරක්‍ෂක ඒකකයෙන් නිලධාරීන් දෙදෙනා විසින් වෙරළ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකුගේද සහාය ඇතිව ගසාගෙන යමින් සිටි තරුණයන් බේරාගත් බවයි පොලීසිය පැවසුවේ.  

එලෙස බේරා ගැනුණු තරුණයන් පස් දෙනාට මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව රෝහල්ගතවීමට උපදෙස් ලබාදී තිබෙනවා.