Wednesday, March 26, 2025

General line - 0115112241

නේත්‍රාලෝක වෙසක් කලාපයේ තුන්වන දිනය අදයි



නෙත් එෆ් එම් රේඩියෝව වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ තුන්වන දිනය අදයි.

එම වෙසක් කලාපය තුළදී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් ධාතුන් වහන්සේ වන්දනා කිරීමට සැදැහැවතුන් විශාල පිරිසක් පෙරවරුවේ සිටම පැමිණෙමින් සිටින බවයි එම වෙසක් කලාපයේ තොරන් කමිටුවේ සභාපති සහ සංවිධායක දුලාජ් ප්‍රබෝධන පැවසුවේ.


මේ අතර ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපය ලබන 29 වනදා දක්වා ක්‍රියාත්මකයි. එම වෙසක් කලාපය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.