ඩිස්නි චිත්‍රපට සඳහා ගීත රචනා කරමින් ලෝකයේම හදවත් වසඟයට ගත් නිර්මාණකරුවෙකු වන රිචර්ඩ් එම් ෂර්මන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 95 වන වියේ පසුවුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහු වයෝවෘද්ධභාවය සමග ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් බෙවර්ලි හිල්ස් ප්‍රදේශයේ සීඩාර්ස්-සිනායි රෝහලේදී මිය ගොස් තිබෙනවා.
රිචර්ඩ් එම් ෂර්මන් ඔහුගේ සහෝදරයා වන රොබට් ෂර්මන් සමග ඩිස්නි චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් 50 කට වැඩි ප්‍රමාණයක් සඳහා ගීත 200 කට වඩා ප්‍රමාණයක් රචනා කර තිබෙනවා.
මේරි පොපින්ස් නම් ඩිස්නි චිත්‍රපටය සදහා ෂර්මන් සහෝදරයන් නිර්මාණය කළ ගීත සදහා ඔස්කා සම්මාන දෙවතාවක් හිමි කර ගැනීමට සමත් වුනා.
ඔහුගේ නිර්මාණ අතර ජංගල් බුක් චිත්‍රපටයේ ගීතය සහ චිටි චිටි බැන්ග් බැන්ග් චිත්‍රපටයේ ගීත ප්‍රධාන වනවා.
ෂර්මන් සහෝදරයින්ට මෙම ගීත නිර්මාණ වෙනුවෙන් එක්සත් ජනපද කලා පදක්කම ද 2008 වසරේ දී හිමිවී තිබුණා.
ෂර්මන් සහෝදරයන් මොස්කව් චිත්‍රපට උළෙලේ පළමු ත්‍යාගය දිනාගත් එකම ඇමරිකානු ජාතිකයන් ද වෙනවා.