Monday, February 24, 2025

General line - 0115112241

සමගි ජනබලවේගය යළිත් ජාතික ජනබලවේගයට ලියයි



සිය පක්ෂය විසින් යෝජනා කළ දින අතරින් දෙපාර්ශවයේ ආර්ථික කමිටු විවාදයට දිනයද නොපමාව දැනුම් දෙන ලෙස සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ, සමගි ජනබලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යොමු කරමින්.

එලෙස ආර්ථික කමිටු විවාදයට දිනයක් ලබා දීමෙන් අදාළ විවාද දෙක පිළිබඳ සැලසුම් සකස් කිරීම සඳහා වූ සාකච්ඡාවකටද යළිත් ඇරයුම් කරන බවයි නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ආර්ථික කමිටු විවාදය පිළිබඳ කිසිදු සඳහනක් නොකොට එම විවාදය පිළිබඳ අවධානය වෙනත් දිශාවකට යොමු කරන උත්සාහය තමන් දකින්නේ ජාතික ජනබලවේගය විසින් විවාද දෙකම නොපැවැත්වීමට පසුබිම සළසන ආකාරය නිරීක්ෂණය වීම බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර යැවූ එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.