කහතුඩුව, කැබැල්ලගහවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් කිලෝ දහතුනකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන් සිදු කළ වැටලීමකදීයි.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 30 කට ආසන්න බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
වැටලීමේදී සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබූ ගිනි අවි දෙකක් සහ ව්‍යාජ අංක තහඩු යොදන ලද මෝටර් රථ දෙකක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
ඩුබායිහි සැඟව සිටින අහුංගල්ලේ ලොකු පැටීගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.