පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට එල්ලවී තිබූ අවහිරතා සම්පූර්ණයෙන් ඉවත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එම ස්ථානයෙන් ඊයේ පෙරවරුවේ සිට සම්පූර්ණයෙන්ම ඇණ හිටියා.
අවහිර වී තිබූ එම දුම්රිය මාර්ගයේ එක් මන්තීරුවක දුම්රිය ධාවන කටයුතු ඊයේ පස්වරුවේ ආරම්භ කළ බවත් අනෙක් මන්තීරුවේ ධාවන කටයුතු ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
මේ අතර සිය උසස්වීම් සහ බඳවාගැනීම් සම්බන්ධයෙන් පවතින ගැටළුවලට විසඳුම් නොලැබුනහොත් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණිය සිතාමතා මඟහැර අනෙකුත් ශ්‍රේණින් සඳහා උසස්වීම් ලබාදීම තුළින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අසාධාරණයක් සිදුව ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න.