Friday, April 26, 2024

General line - 0115112241

පක්ෂ නායකත්වය පිළිනොගන්නා මන්ත්‍රීවරුන්ට ළඟදීම වෙනදේ මෙන්න…




මෙරට දේශපාලන ඉතිහාසයේ අත්දැකීම් අනුව, පක්ෂයට සහ නායකත්වයට විරුද්ධව කටයුතු කළ දේශපාලඥයින්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු තම මතකය අවදි කළා. ඒ පක්ෂ නායකත්වය පිළිනොගන්නා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අනාගතය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පක්ෂයේ නායකත්වය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින්මයි. පක්ෂයේ නායකයා පිළිගන්නේ නැත්නම් ඒ අයගෙ මන්ත්‍රීධූරය අහිමි වෙනව. ඒක නීත්‍යානුකූල දෙයක්. පහුගිය කාලයේදි ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජී.එම් ප්‍රේමචන්ද්‍ර ඇතුළු ප්‍රේමදාස මහත්තයට විරුද්ධ වුණ අයට මන්ත්‍රීකම නැතිවුණා. මේ පාරත් මේ සිද්ධ වෙන්නෙ ඒකයි.“