Saturday, March 1, 2025

General line - 0115112241

ස්වෛරී බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණය ද කඩිනමින් අවසන් වනු ඇතැයි අනාවැකි



කෙටි කාලයක් තුල ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වීම රට අත්කර ගත් ජයග්‍රහණයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසනවා.

සැම්බියාව වැනි රටවලට ඒ සඳහා වසර ගණනාවක් ගත වූ බවයි ඔහු පෙන්වා දුන්නේ. 


මේ අනුව ස්වෛරී බැඳුම්කරවලට අදාළ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ද අවසන් කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවද ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පැවසුවා.