සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහාධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.
සිර දඬුවම් නියම කිරීමෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනීමද සිදු කෙරුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඇය වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
ලබාදුන් දඬුවමට එරෙහිව ලබන සඳුදා අභියාචනයක් ඉදිරිපත් කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නීතිඥවරුන් කියා සිටියේ.