තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ‘ඩෙවෝන් 05’ බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් හයදෙනාගෙන් පස්දෙනෙකුම මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.
මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ඔවුන් ආසාද්මිකතාවයට ලක්ව එලෙස මියගොස් තිබෙනවා.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පැවසුවේ අද උදෑසන එම යාත්‍රාවේ සිටි ධීවරයන් දෙදෙනෙකු යාත්‍රා කරමින් තිබූ සිංගප්පූරු වෙළඳ නෞකාවක් විසින් මුදාගෙන රැගෙන එමින් සිටියදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අයත් “විජයබාහු” නෞකාව වෛද්‍ය කණ්ඩායමක් සමඟ අදාළ සිංගප්පූරු වෙළඳ නෞකාව යාත්‍රා කරමින් පවතින මුහුදු සීමාවට ගමන් කරමින් සිටින බවයි.
මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත.