Monday, March 31, 2025

General line - 0115112241

හෙට දිනයේ බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නැහැ - බස් සංගම් කියයි



හෙට දිනයේ සිට බස් ගාස්තුව සියයට පහකින් අඩු කිරීමට නියමිතව තිබුනද එය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් බස් ගාස්තු අඩු කිරීමට අදාළ නිර්නායක තම සංගම්වලට ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් පැවසුවේ.

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් සහ බස් සංගම් නියෝජිතයින් අතර පසුගිය දා පැවති සාකච්ඡාවකින් අනතුරුව බස් ගාස්තුව සියයට පහකින් අඩු කිරීමට තීරණයක් ගත් අතර එම ගාස්තු සංශෝධනය හෙට දිනයේ සිට ක්‍රියාත්මක කිරීමටයි එම සාකච්ඡාවේදී අවසන් එකඟතාවයට පැමිණ ඇත්තේ.