දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මල නාදන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.
අභාවප්‍රාප්ත වන විට ආර් සම්පන්දන් මහතා 91 වන වියේ පසුවුණා.
කලක සිට අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවලට සහභාගී වීමට නොහැකි බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා නිවාඩු ද ලබාගෙන තිබුණා.
1933 පෙබරවාරි මස 05 වන දින උපත ලද ඔහු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1977 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.
ඔහු 2015 වසරේ සැප්තැම්බර් 03 වන දින සිට 2018 දෙසැම්බර් 18 වන දින දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කල අතර ශ්‍රී ලංකාවේ සිටි පරිණතම හා ජෙයෂ්ඨතම දේශපාලනඥයෙකු මෙන්ම ජාත්‍යන්තරය තුළද ඔහු ඉතා කීර්තිමත් නාමයක් දිනා සිටි දේශපාලනඥයෙකු විය.
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.