“මහනුවර පොත් දැක්ම 2024” මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හීදී අද සිට ආරම්භ වනවා.
ඒය ලබන 07 වනදා දක්වා පෙරවරු 09 සිට රාත්‍රී 07 දක්වා ක්‍රියාත්මකයි.
සාහිත්‍ය සංවාද, ළමා සාහිත්‍ය වැඩසටහන්, පොත් දොරට වැඩිම්, සංගීත වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් එහිදී සංවිධානය කර ඇති බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පැවසුවේ.
මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ.
මහනුවර පොත් දැක්ම සඳහා නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.