ප්‍රංශයේදී සැහැල්ලු ගුවන් යානයක් කඩාවැටී එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පැරිස් නුවරට කිලෝමීටර් 30ක් පමණ දුරින් යුත් අධිවේගී මාර්ගයක් මතට එම සැහැල්ලු ගුවන් යානය කඩාවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.
එම සැහැල්ලු ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කළේ.