අභාවප්‍රාප්ත වූ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරවය දැක්වීම සඳහා ලබන 03 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයට රැගෙන ඒම හේතුවෙන් එදින පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඊට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟත්වය පළවූ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පැවසුවේ.
ඒ අනුව ඒ මහතාගේ දේහය එදින පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා අවසන් ගෞරවය සදහා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.
මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයක් පමණක් හෙට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.
ඒ අනුව හෙට පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය නොපැවැත්වීමටයි එහිදී තීරණය වී ඇත්තේ.