Saturday, March 1, 2025

General line - 0115112241

එල් පී එල් පළමු ජය මහනුවරට



2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන අදියරේ පළමු තරගය ජය ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජය කරමින්.

පල්ලේකැලේ  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 179ක් රැස්කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මාර්ක් චැප්මන් පන්දු 61කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 91ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 06ක් සහ හතරේ පහර 08ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 20කට කඩුලු තුනක් බිඳ හෙලුවා.

ලකුණු 180ක ඉලක්කයක් හඹාගිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02කදී කඩුලු 04කට ලකුණු 183ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළා.

දිනේෂ් චන්දිමාල් පන්දු 40කදී ලකුණු 65ක් රැස්කළේ හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් සමගින්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 15කදී ලකුණු 46ක් රැස්කර ගනිමින් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

දසුන්ගේ එම වේගවත් ඉනිමට හතරේ පහර 03ක් සහ හයේ පහර 05ක් ඇතුළත් වුණා.

ඒ අනුව තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ද දසුන් ශානකයි.