පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එම සංගමයේ සභාපති එල් මල් ශ්‍රී ද සිල්වා පැවසුවේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය වාහන නඩත්තු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි.
මිල සංශෝධනය අනුව ජුනි 30 වනදා සිට පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුවද සුදු ඩීසල් මිලෙහි වෙනසක් සිදුවූයේ නැහැ.
ඒ අනුව ප්‍රවාහන ගාස්තු අඩු කළ නොහැකි බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.